බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 7කට නායයාමේ අවදානම්


(සමන් පාලිත නානායක්කාර)                                       

බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ  7ක් සඳහා නායයාමේ අවදානම් රතු නිවේදන නිකුත් කර ඇති බැවින් නායයාමේ අවදානම් කලාප  වල සිටින ජනතාව ආරක්ෂිත ස්ථාන කරා ඉවත්වීමට  විමසිලිමත් ව සිටිය  යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.                              

හල්දුම්මුල්ල ,හපුතලේ, වැලිමඩ, ඇල්ල, පස්සර, මහියංගනය, බදුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල   වැසියන් මෙම රතු නිවේදනය පිළිබඳව අවධානය යොමුකළ යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.ජාතික ගොඩනැගිලි  පර්යේෂණ ආයතනය හඳුනාගත් අවදානම් කලාප  පිළිබඳව ජනතාව දැනුවත් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.