(පාලිත ආරියවංශ)
ඉන්ධන පිරිමැස්ම සඳහා රටටම ආදර්ශක් ලබා දෙමින් බදුල්ල නගරාධිපති ප්‍රියන්ත අමරසිරි මහතා,නාගරික කොමසාරිස් සහ ඉංජිනේරුවරයා ඇතුළු කාර්යමණ්ඩලයේ පිරිසක් රාජකාරි ගමන් සඳහා පාපැදි යොදා ගෙන ඇත.
මේ මගින් දිනකට ඉන්ධන ලීටර්ක 100කට අධික ප්‍රමාණයක් ඉතිරි කර දීමට හැකි වන බව ද නගරාධිපති ප්‍රියන්ත අමරසිර මහතා පැවැසීය.
උදෙන්ම නැගිටලා මගේ ක්ෂේත්‍ර කටයුතුවලට යාම සදහා පාපැදියෙන් යන එක හරිම සතුටින් කරනවා . මොකද ශරීර සෞඛයටත් හොදයි.
ඉන්ධනමිල අධික ලෙස ඉහළගොස් තිබෙන මේ දවස් ගැන කතාකරද්දි විශාල මුදලක් රජයට ඉතිරිකර දීමට පුළුවන් වීම ගැන මා සතුටුවෙනවා. මෙම නගර සභාවේ නාගරික කොමසාරිස්තුමා ඉංජිනේරු තුමා සහ තවත් කීපදෙනෙක්ම පාපැදිය භාවිතා කරමින් ඉන්ධන සඳහා වැය කළ විශාල මුදලක් රජයට ඉතිරිකර දෙනවා.