බදුල්ල කොළඹ මාර්ගය අදත් වැසේ


(ප්‍රසාද් රුක්මල්)

බදුල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර 7කණුව ප්‍රදේශයේ දී අද (9) පස්වරුවේ විශාල පස්කන්දක් සමඟ විශාල ගසක් කඩා වැටීමෙන් බදුල්ල බණ්ඩාරවෙල අතර රථ වාහන ධාවනය ඇණ හිට ඇතැයි හාලිඇල පොලිසිය පවසයි .

පවතින අධික වර්ෂාවත් සමඟ මෙසේ මාර්ගය ට විශාල පස්කන්දක් සමඟ විශාල ගසක් කඩා වැටී ඇති අතර මේ නිසා උඩුවර සිට දෙමෝදර සහ හාලිඇල දෙසට දිගු රථ වාහන පෝලිම් තිබෙන අයුරු දක්නට ලැබින .

හාලිඇල පොලිසිය ,මාර්ග සංවර්ධන අධ්කාරිය එක්වී මාර්ගය පිළිසකර කිරීමට කටයුතු කරන බවත් හාලිඇල පොලිසිය සදහන් කළේය .