බදුරලියෙන් ආසාදිතයන් 29ක්


(ප්‍රේමතිලක පෙරමුණ)

බදුරලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිතයන් තවත් 29 දෙනකු හඳුනගත් බව එම කාර්යාලය පවසයි.

28 සහ 29 දිනවල සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණවලින් මෙම පිරිස තහවරු වූ බව ද සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිවරයා කියයි.

මේ වන විට එම ප්‍රදේශයෙන් රෝගීන් 279 දෙනකු වාර්තා වී ඇත.