(ඉන්දිකා රාමනායක)
හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සිටියදී පිලිස්සුම් තුවාල ලබා මියගිය දැරිය පාසල් ගිය බව කියන අවිස්සාවේල්ල පුවක්පිටිය කිරිවන්දල ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයාගෙන් සහ උප විදුහල්පතිවරයාගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇතයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ නිවසේ සිටි පුද්ගලයකුගෙන් ද ඊයේ ප්‍රකාශ සටහන් කරගෙන කරගෙන ඔහුගේ ජංගම දුරකථනය බොරැල්ල පොලිස් බාරයට ගෙන තිබිණි .
දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා බොරැල්ල පොලිසිය අමතරව කොළඹ දකුණ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය ද පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය .

