ඉන්දිකා රාමනායක
සමස්ත ලංකා මහජන කොංග‍්‍රසයේ නායක හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගෙන් පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය අද (2) පැය තුනකට ආසන්න කාලයක් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ සටහන් කරගත් බව පොලිසිය කියයි.
සංවිධානාත්මක අපරාධ මර්දන කොට්ඨාසය කළ දැනුම් දීමකට අනුව ඒ මහතා අද (2) පෙරවරු 9.30 ට පමණ එහි පෙනී සිටි අතර මෙම ප‍්‍රශ්න කිරීම පස්වරු 12.45 දක්වා පැවැත්විණි.
බදියුදීන් මහතාට එරෙහිව මාධ්‍ය මගින් එල්ල කරන චෝදනා වලට විරුද්ධව පරීක්ෂණ පවත්වන ලෙස ඒ මහතා පොලිස් මුලස්ථානයට කළ පැමිණිල්ලට අදාළව මෙම ප්‍රකාශය සටහන් කරගෙන තිබිණි.

