
(අංජුල මහික වීරරත්න)
පවතින ඉන්ධන අර්බුදයට විසඳුමක් වශයෙන් සතියේ බදාදා දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මැදපෙරදිග කලාපයේ ඇති වී තිබෙන යුදමය තත්ත්වය හේතුවෙන් පැන නැගී ඇති ඉන්ධන සපයා ගැනීමේ ගැටලුවට තාවකාලික විසඳුමක් වශයෙන් රජයේ කාර්යාල විවෘතව පවතින දින ගණන සීමා කිරීමේ යෝග්‍යතාව පිළිබඳව අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු විය.
ඒ පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අනතුරුව, දැනට පවතින ඉන්ධන තොග අරපිරිමැස්මෙන් භාවිත කිරීමට සහ ඉදිරියේදී ඉන්ධන තොග සපයා ගැනීමේ අවිනිශ්චිත තත්ත්වයට මුහුණ දීමට හැකි වන අයුරින් වහාම ක්‍රියාත්මක වන පරිදි සතියේ බදාදා දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමටත්, ඊට අදාළව සවිස්තරාත්මක චක්‍ර ලේඛ උපදෙස් නිකුත් කිරීම පිණිස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්ට බලය පැවරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.

