බත්තරමුල්ලේ ‘යකා සම්පත්‘ අත්අඩංගුවට



(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

සංවිධානාත්මක අපරාධකරුවෙකු බත්තරමුල්ල සුබිත පුර ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ කරුවෙකු වූ ආනන්ද සිල්වා නොහොත් ‘යකා සම්පත්‘ නමැත්තා හොරොයින් මත්කුඩු , තියුණු ආයුධ, ගිනිඅවි සමග අත්අඩංගුවට  ගත් බව තලංගම පොලිසිය කියයි.

එම සැකකරු සමඟ මත්කුඩු ග්‍රෑම් 4 මිලිග්‍රෑම් 300, කඩු දෙකක් , මන්නා පිහියක්, ව්‍යාජ වාහන අංක තහඩු 2ක් , හඳුනා නොගත් රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක්,  යකඩ පොලු 2ක් පොලිස්  බාරයට ගෙන ඇත.