(සමන් පාලිත නානායක්කාර )
බණ්ඩාරවෙල ඕබඩැල්ල විදුහලේ අද (24) උදෑසන ආරම්භ කරන අවස්ථාවේ හදිසියේම එල්ල වූ බඹර ප්‍රහාරයකින් ළමුන් හය දෙනෙක් සහ ඔවුන් සමඟ පැමිණි දෙමාපියන් පස් දෙනෙකු බණ්ඩාරවෙල දිසා රෝහලට ඇතුලත් කළ බව බණ්ඩාරවෙල මූලස්ථාන පොලිසිය කියයි.
පාසල අසල පුද්ගලික ඉඩමක තිබූ බඹර කූඩුවක් ඇවිස්සීමෙන් මෙසේ දරුවන්ට හා දෙමාපියන්ට දෂ්ට කර ඇත.
මේ හේතුව නිසා අද 24 බණ්ඩාරවෙල කලාප අධ්‍යාපන කාර්යාලයේ උපදෙස් ඇතිව පාසල වසා තැබීමට පියවර ගෙන ඇත.
තුවාලකරුවන්ගේ තත්වය එතරම් බරපතල නොවන බව රෝහල ආරංචි මාර්ග පවසයි.
බණ්ඩාරවෙල මූලස්ථාන පොලීසිය පරීක්ෂණ පවත්වයි.

