බණ්ඩාරගමින් සොයාගත් හෙරොයින් තොගයේ වටිනාකම කෝටි 200 ඉක්මවයි


(ඉන්දිකා රාමනායක)

බණ්ඩාරගමදී පොලිසිය අත්අඩංගුවට ගත් හොරොයින් කිලෝ 192 කේ වටිනාකම රුපියල් කෝටි 200 කට අධික බව පොලිසිය පවසයි.

මෙම හොරොයින් ජාවාරමේ ප්‍රධාන සැකකාරිය ඇරැව්වල නිවසකින් නිල් දියමන්තිය සොරා ගත් මාතර මල්ලි නැමැත්තා ගේ බිරිඳ බවත් අත්අඩංගුවට ගත් සෙසු දෙදෙනා ඇගේ සහෝදරයා හා සහෝදරයාගේ පෙම්වතිය බවත් පොලිසිය පැවසීය.

මෙම හෙරොයින් ඉරානේ සිට මුහුදු මගින් මිරිස්සට රැගෙනවිත් පසුව අධිවේගී මාර්ගය ඔස්සේ බණ්ඩාරගමට රැගෙනවිත් ඇති බව පොලිසිය කීය.

නිවසේ තිබී අත්අඩංගුවට ගත් පිස්තෝල 10 අති නවීන පිස්තෝල බවත්  ඒවා ඇමැරිකාවේ , පාකිස්ථානයේ,  ඔස්ට්‍රියාවේ සහ චීනයේ නිෂ්පාදිත පිස්තෝල බවත්  මේවා ආරක්ෂක අංශ  පරිහරණය කරන ඒවා බවත් පොලිසිය පවසයි.

(ඡායාරූප - ඉෂාන් සංජීව)