
(අංජුල මහික වීරරත්න)
මෙවර මහ කන්නයේ බඩ ඉරිඟු කිලෝවකට රුපියල් 160ක මුදලක් ලබා දීමට කටයුතු කරන බව බඩ ඉරිඟු ආනයනය කරන ව්‍යාපාරිකයන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පොරොන්දු වූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
එළඹෙන මහ කන්නයේ දී හෙක්ටෙයාර් 60,000ක බඩඉරිඟු වගා කරන අතර ගොවීන්ට ලබා දිය හැකි ඉහළම සහතික මිල තීරණය කිරීම ව්‍යාපාරිකයන්ට බාර කෙරුණු අතර ඒ අනුව බඩ ඉරිඟු කිලෝ ග්‍රෑම් එකක් සඳහා අවම මිල වශයෙන් රුපියල් 160ක් ලබා දීමටත්, වෙළෙඳ පොළේ බඩඉරිඟු මිල ඉහළ යන අවස්ථාන් හි දී එහි වාසියත් ගොවීන්ට ලබා දීමට එකඟතාවය පළ වූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. එමෙන්ම ලෝක වෙළෙඳ පොලේ බඩ ඉරිඟු මිල රුපියල් 160ට වඩා පහළ ගිය ද මෙම මිලෙහි වෙනසක් නොවේ.
රටේ විදේශ විනිමය විදේශ රටවලට නොයවා දේශීය ගොවියා ආරක්ෂා කර ගැනීමට තමන් පියවර ගන්නා බව බඩ ඉරිඟු ආනයනකරුවන්ගේ සංගමයේ ව්‍යාපාරිකයන් කෘෂිකර්ම අමාත්‍යවරයාට පොරොන්දු වී ඇත.

