
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක ඉදිරි රෝදය ගැලවී ගොස් කුඩා දරු දෙදෙනකු නංවාගෙන කාන්තාවක පදවා ගිය යතුරුපැදියක ගැටීමෙන් එම කාන්තාව මියගොස් දරු දෙදෙනා ඇතුළු සිව් දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ බටුවිට කුරුඳුවත්ත පදිංචිව සිටි එච් පවිතා කුමාරි (36) විවාහක කාන්තාවකි.
අනතුරින් මියගිය කාන්තාව සිය 13 හැවිරිදි පුතු සහ පුතුගේ මිතුරකු යතුරුපැදියෙන් අමතර පන්ති කරා රැගෙන යාම සඳහා ගෝනපොල බටුවිට ප්‍රදේශයේ සිට කුලුපන දෙසට රැගෙන යතුරු පැදියෙන් යාමේදී ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි රෝද රථයේ ඉදිරිපස රෝදය ගැලවී යාමත් සමඟම රියදුරට එය පාලනය කරගත නොහැකිව කාන්තාව දරු දෙදෙනා සමඟ පැමිණි යතුරුපැදියේ ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.

