බකමූණේ ගොවීහු කුඹුරට බැස විරෝධයේ


(චාපා මධුභාෂිණී)

ගුණාත්මක පොහොර ලබා දී අලි මිනිස් - ගැටුම ඇතුළු ඉල්ගැලීම්ට කීපයක් මුල්කර ගනිමින් බකමූණ ඔරුබැඳි සියඹලාව වෙල් යායේදී ගොවි උද්ඝෝෂණයක් පැවැත්විණි.

ගුණාත්මක බීජ ,ගොවීන්ට ප්‍රමාණවත් තරම් පොහොර , වී සඳහා ස්ථාවර මිලක් දෙන්නැයි උද්ඝෝෂකයෝ එහිදී ඉල්ලා සිටියහ. ගොවීහු 200 ආසන්න පිරිසක්  මෙම විරෝධතාවට එක්ව සිටියහ. 

මාස් කන්නයේ වී වගාව සදහා කානික පොහොර අදියර හතරම යෙදූ ගොවීන්ට පමණක් වන්දි ලබා දෙන බවට  කෘෂිකර්ම අමාත්‍යවරයා කළ ප්‍රකාශයට ඔවුහු විරෝධය පළකළහ.