පෞද්ගලිකව හානි වූ අයගෙන් රන්ජන් පාර්ලිමේන්තුවේදී සමාව ඉල්ලයි


හඬ පට ප්‍රචාරය වීමෙන්  පෞද්ගලිකව  හානී වු  සියලු දෙනාගෙන්  අවංකවම සමාව ඉල්ලන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද ( 21)  පැවසීය.
 
පාර්ලිමේන්තුව අමතමින් රන්ජන් රාමනායක මහතා මේ බව පැවසීය.
 
වැඩි දුරටත්  අදහස් දැක්වූ  මන්ත්‍රීවරයා මෙසේද කීවේය.

හඬපට ප්‍රචාරය වීමෙන් හානි වූ සෑම මනුස්සයෙකුටම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සියලුම දෙනාගෙන් මම සමාව ඉල්ලා සිටිනවා. 

මම හිතාම හඬපට හෙළිදරව් කළේ නෑ.වචන වෙනස් කරන ජනතාවක් ඉන්න නිසා මගේ ආරක්ෂාවට මා තියාගෙන සිටිය හඬපට මිසක් මම කවදාවත් හෙළිකරලා කාගේවත් පවුල් ජිවිත හා සාමය නැති කරන්න ඒවා හෙළි කළේ නෑ. එක කරන්නේ ලංකාවේ ප්‍රසිද්ධ ----- ව්‍යාපාරිකයකුගේ ----- නාලිකාවක් කියන එක මම මේ අවස්ථාවේ කියනවා. 

මිනිස්සුන්ගේ සල්ලි හොරකන් කරපු හොරොන්ව ඇතුළට දාන්න මිසක් නිදහස් කරන්න නෙමෙයි. අපි ආවේ සියලු දෙනා එකතු වෙලා මේ සටන ජයග්‍රහණය කරමු. මා ළඟ තවත් රටට හංගන සංවාද මේ සභාවේ මා සභාගත කරනවා. මා සමඟ නිර්භයව කතා කළ අගවිනිසුරුවරු, විනිසුරුවරු, රාජ්‍ය නායකවරු මා සමඟ කතා කළා. ඒ අය කිවූ කතා ජනතාවට දැනගැනීමට අයිතියක් තියෙනවා. රාජ්‍ය නායකයාගේ හඬින්ම තියෙනවා. කැබිනට් ඇමැතිවරු ඉන්නවා. කැබිනට් ඇමැතිවරුගේ නෝනලා ඉන්නවා. ඒ අයගේ දරුවන් ඉන්නවා.ඒ අය මට දුක කියලා තියෙනවා. ඒ සියලුදෙනාගේ හඬපට මම සභාගත කරනවා.හැන්සාඩ් එකේ අයට ඒවා මගෙන් ලබා ගත හැකි මම ඒවා පාර්ලිමේන්තුවට ලබාදෙනවා.

මුලාසන මන්ත්‍රීතුමනි, රන්ජන් රාමනායක වන මම ඇයි මේවාගේ දෙයක් කළේ කියලා ජනතාව අහනවා. මුලාසන මන්ත්‍රීවරුනි,මම කෝප් කමිටුවේ සාමාජිකයෙක්. කෝප් කමිටුවේ තියෙන්නේ දුෂණ වංචා ගැන සොයන්න. ඒවාගේම දුෂණ වංචා ආංශික කාරක සභාවේ සාමාජිකයෙක්. 

මම පසුගිය ටිකේ සුනිල් හඳුන්නෙති මන්ත්‍රීතුමා සමඟ කෝප් කමිටුවේ වැටලීම් වලට සක්‍රීයව දායක වුණ මන්ත්‍රිවරයෙක්. ඒ වැටලීම් වලට යද්දී මාධ්‍යවේදීන්ටත් හොරෙන් මගේ විඩියෝ කැමරාවක් මම අරගෙන ගියා. එහෙම අරන් ගියේ ලංකාවේ මිනිස්සු වගේ වචනය වෙනස් කරන කිව්ව දේ නෑ කියන, දන්නේ නෑ කියන, මතක නෑ කියන ජනතාවක් මම ලෝක දැකලා නෑ. සමහර අය කියනවා මම කිව්වා නෑ කියලා කිව්වාම මට පෙන්නන්න තියෙනවා.මේක පසුගිය කාලේ වුණා.

රංගේ බණ්ඩාරට කතා කලා එස්බී දිසානායක මහතා. රංගේ ඔයා එනවාද කියලා දැන් මම ආවොත් ඔයාට කැබිනට් ඇමැතිකමක් ගන්ඩ පුළුවන්. රංගේ බණ්ඩාර ඕක ඇහුවා නම් ජනමාධ්‍යවේදීන්  කියයි බොරු බයිලා කියන්න එපා. අපිට රෙකෝඩින් පෙන්නන්න. සාක්කි පෙන්නන්න කියලා .

අපි දන්නවා ලෝක හොරෙක් කියලා. සුනාමි වංචාව, කතරගම වංචාව, මහබැංකු වංචාව,ඇවන්ට්ගාඩ් වංචාව මේ සේරම කියද්දී ජනතාව කිව්වේ සාක්කි කෝ කියලා. ඒ නිසා තමයි මම හැම දේටම සාක්කි, දත්ත, වෛද්‍ය වාර්තා, සහතික මේ සේම තියාගත්තේ.ඒ කළේ හොරු අල්ලන්න. හොරුන්ව කූඩු කරන්න. හොරුන්ව ඇතුළට දාන්න. හොරු නිදහස් කරන්න නෙමෙයි. 

මෙතන ඉන්න දුෂිතයන්ගේ චරිත සහතික මට ඕනෑ නෑ. මේ සේරම ඔප්පු කරන්න හඬපට වාගේම විඩියෝ පට තියෙනවා. කාටවත් සෙල්ලම් කරන්න බෑ. පහුගිය ටිකේ දැක්කා සාක්කි කරුවන් මිලදී ගැනීම. මේක මට කිව්වේ හිරුණිකා මැතිනිය. එතුමියගේ පියා ළඟ වැඩ කළා බෝලේ කියලා රියදුරෙක්. ඒ රියදුරා පළමු නඩුවේ දී භාරත පැත්තේ සිටියා. පස්සේ ලක්ෂ 70 ක් දීලා ඒ රියදුරු මිලට ගෙන වෙන සාක්කියක් දුන්නා. 

මම කාටවත් අපහස කරනවා නෙමෙයි නඩුව දැම්මා එෆ්සිඅයිඩිය එකේ. දැන් අලුත් ක්‍රමය තමයි විත්තිකාරයන් පැමිණිලි කාරයන් සෙට් වෙනවා.අපි දාමු දුර්වල නඩුවක් දුර්වල නඩුව දාපුවාම නඩුව මඟදී හැලෙනවා. ‘