(නිමන්ති රණසිංහ)
පෞද්ගලික ඉදිකිරීම් ආයතන තුනක අධ්‍යක්ෂකවරියක වූ කිදෙර් මොහොමඩ් සහබ්දීන්ගේ අයීෂා යන අයගේ පෞද්ගලික බැංකු ගිණුමකට බැරවූ රුපියල් පන්කෝටි පනස් ලක්ෂයකට අධික මුදලකට අදාළ සැකකටයුතු ගනුදෙනු සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ අද (01) කරුණු වාර්තා කර ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂකවරයාගේ දැනුම්දීමක් මත පොලිස්පතිවරයාගේ නියෝග පරිදි මෙම විමර්ශනය ආරම්භ කළ බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබුණී.
කිදෙර් මොහොමඩ් සහබ්දීන්ගේ අයීෂා යන අයට අයත් පෞද්ගලික බැංකුවක ගිණුමක් සඳහා පෞද්ගලික මූල්‍ය ආයතනයක් විසින් නිකුත් කරන ලද චෙක්පත් මගින් රුපියල් මිලියන 55ක් බැර කරවාගෙන, එම මුදල අවස්ථා කිහිපයකදී සැක කටයුතු ලෙස නැවත ලබාගෙන ඇතැයි ද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු දක්වා තිබේ.

