
(විනීතා එම් ගමගේ)
පෝලන්තයේ රැකියා සඳහා යාමට බලාපොරොත්තු වන ශ්‍රී ලාංකිකයන් රැකියාව තහවුරු කර ගැනීමෙන් හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් විමසීමෙන් අනතුරුව පමණක් රැකියා නියෝජිතායතනවලට මුදල් ගෙවන්නැයි කාර්යංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ඇතැම් රැකියා නියෝජිතයින් එරට රැකියා ලබාදීමේ දී විශාල වශයෙන් මුදල් අය කරගන්නා බවට ලැබී ඇති පැමිණිලි සැලකිල්ලට ගෙන මෙම තීරණයට එළැඹි බව කාර්යංශයේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
පෝලන්තයේ රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයන්ට ලැබී ඇති බැවින් ඒ සඳහා දැන්වීම් පළ කිරීමට කාර්යංශය අවසර දෙන නමුත් රැකියා ගිවිසුම නැතිව මුදල් අයකිරීමට අවස්ථාව ලබානොදෙන බව ද එම නිලධාරියා කිය.
එබැවින් කිසිදු අවස්ථාවක වීසා, රැකියා ගිවිසුම හා රැකියා බලපත්‍රය ලබාදෙන තෙක් ඒජන්සි ආයතනවලට මුදල් ලබා නොදෙන්නැයි ද එම නිලධාරියා ඉල්ලා සිටියේය.
පෝලන්තයේ රැකියා සම්බන්ධයෙන් සියලු තොරතුරු කාර්යංශයේ පැය විසිහතර තොරතුරු මධ්‍යස්ථානයේ 0112879901, 0112879903, 0112118700 හා 0112880500 යන දුරකථන අංකයන් ඇමතීමෙන් ලබා ගන්නා ලෙස ද එම නිලධාරියා පෝලන්තයේ රැකියා සඳහා යාමට බලාපොරොත්තුවෙන් සිටින ජනතාව ගෙන් ඉල්ලා සිටියේය.

