(මනුල වික්‍රම)
අනුරාධපුර අභයගිරි ස්ථූපයේ සංරක්ෂණ කටයුතුවල දී කැණීමකින් සොයාගත් පුරාවස්තු අතර රනින් නිමකළ බවට සිතිය හැකි ක්‍රිස්තු වර්ෂ 12වැනි සියවසට අයත් කුඩා කරඬුවක්, මුද්දක් හා කර්ණාභරණ ඇතුළු පුරාවිද්‍යත්මක සාධක රැසක් සොයාගත් බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අභයගිරි ව්‍යාපෘති අධ්‍යක්ෂ මහාචාර්ය ටි.ජී. කුලතුංග මහතා පවසයි.
මෙම පුරාවස්තු අතර අභයගිරි දාගැබේ පහළ පේසා වළල්ලක ඉදිරිපස වැළලී තිබූ මැටි පාත්‍රයක මුද්ද හා අනෙකුත් පූජා වස්තු හමු වී ඇත. කරඬුවද එම ස්ථානයට නුදුරේම හමුවී ඇත. තුනී තහඩු කැබැලි, අස්ථි කොටස්, අස්ථියකින් තැනූ වළලු කොටසක්, රන් දඟර ආදිය ෙහමුවී තිබේ.
අභයගිරි ව්‍යාපෘතියට අයත් පර්යේෂණාගාරයේ දි කරන ලද මූලික පර්යේෂණයේ දී මෙම පුරාවස්තුවල ස්වභාව හඳුනාගෙන ඇති අතර මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් කොළඹ ප්‍රධාන කාර්යාලයේ අවසරයකින් පසු කරඬුවේ අභ්‍යන්තරයේ ඇති වස්තුව කුමක්දැයි එක්ස්රේ පර්යේෂණයක් සිදුකිරීමට අපේක්ෂා කරන බව මහාචාර්යවරයා පවයි.
‘‘මෙම රන්පාට කරඬුව විවෘත කිරීම ඉතා අසීරුයි. කැඩීයන්නට ඉඩ තිබෙනවා. ඒනිසා අපේ ප්‍රධාන කාර්යාලයේ අවසරයක් ඇතිව එහි අභ්‍යන්තරය එක්ස්රේ කිරීමට බලාපොරොත්තු වෙනවා. මේවා පොළොන්නරු යුගයට අයත් බවට සැලකෙන්නේ, අවසන් වරට 12 වන ශතවර්ෂයේ දී මහා පරාක්‍රමබාහු රජතුමා ස්ථුපයේ සංකරක්ෂණයක් කර තිබෙනක නිසා. ඒ ගැන සඳහන් ලේඛන මුල දි හමුවී තිබෙනවා. මෙම භාණ්ඩ එක් කරඬුවක බහාලූ තවත් කරඬුවක් ඇතුළේ තැන්පත් කර තිබුණා. ඒ කරඬුව තිබුණේ මැටි පාත්‍රාවක‘‘ යැයි ද මහාචාර්යවරයා පැවැසුවේ ය.





