(නුවන් කුමාර)
එළඹෙන මාස් කන්නයේ වගා කටයුතු සදහා රසායනික පොහොර,වල් නාශක සහ කෘමිනාශක වහා ලබාදෙන ලෙස රජයට බලකරමින් එප්පාවල නගරයේදී ගොවි උද්ඝෝෂණයක් අද ( 18 ) උදෑසන පැවැත්විණි
මාස් කන්නය සදහා මහවැලි අධ්කාරිය මගින් ජලය ලබාදුන්නද පොහොර සහ වල් නාශක නොමැති බැවින් වගාකටයුතු සිදුකළ නොහැකි නිසා තම කුඹුරු පුරන් වන බව උද්ඝෝෂකයෝ පැවසූහ .
රජය ගෙනයන අදූරදර්ශි ක්‍රියාව නිසා ගොවියාගෙ මළගම ඇතක නොවන බව ගොවියෝ පෙන්නවා දුන්හ. වර්තමාන රජය බලයට ගෙනා ආ අයුරින් ම ගෙදර යැවීමට තමන් පසුබට නොවන බව ගොවියෝ කීහ.
එප්පාවල කොට්ඨාස අනුකමිටුවේ ගොවි සංවිධාන 22 ක් මෙම උද්ඝෝෂණයට එක්ව සිටියහ.