පොහොර ඉල්ලා ගොවි අරගල ව්‍යාපාරය වැලිමඩ මහපාරේ


(කේ.ආර්.රාජමන්ත‍්‍රී)

දැනට ගොවින් මුහුණදී සිටින පොහොර හිගය වහාම විසදා තම සියලූම ආර්ථික වගාවන්ට අවශ්‍ය  පොහොර බෙහෙත්    කඩිනමින් ලබාදෙන ලෙසට රජයට බලකරමින්  පෙරටුගාමි සමාජවාදි පකෂයේ ගොවි අරගල ව්‍යාපාරය ෙවැලිමඩ නගරයේ ප‍්‍රධාන බස්නැවතුම්පොළ ඉදිරිපිටදි   අද(13)  විරෝධතාවක නියැලිණි.

තම එකම අදායම් මාර්ගය වන එළවලූ  වගාවන්  ඇතුලූ ආර්ථික වගාවන්ට අවශ්‍ය පොහොර බෙහෙත් නොමැතිවිමෙන් නිසි කළට වගාවන් සිදුකිරිමට නොහැකිව අන්ත අසරණ බවට පත්ව ඇතැයි ගොවියෝ  මැසිවිලි නගති.

තමන් මුහුණදි සිටින  මෙම ගැටලූවට කඩිනමින් විසදුම් ලබා දෙන ලෙසට ගොවියෝ රජයෙන් ඉල්ලා සිටිති. දැනට පණවා ඇති නිරෝධායන නිති රිති වලට අනුව උද්ඝෝෂණ පැවැත්විම තහනම් කර තිබුනත් තමන් මෙම උද්ඝෝෂණ අත් නොහරින බවගොවිඅරගල ව්‍යාපාරයේ බදුල්ල දිසා සංවිධායක වසන්ත අබේකෝන් මහතා පැවසිය.