(සුජිත් හේවාජුලිගේ )
දිවයින පුරා සියලුම පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් සහ උප සභාපතිවරුන් කොළඹට කැඳවා සාකච්ඡා පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇත.
මේ සාකච්ඡා අද 29 ආරම්භ වන බව එම පක්ෂයේ ප්‍රකාශකයෙක් පැවසීය.
රටේ වර්තමාන තත්ත්වය සහ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

