පොහොට්ටුවේ කට්ටිය ක්‍රිකට් සැනකෙළියක


(ආර්.එෆ්.එම්.සුහෙල්) 

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා  වාර්ෂිකව සංවිධානය කරනු ලබන මහින්ද රාජපක්ෂ අභියෝග ශූරතා පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රිකට් තරගාවලිය අද (12) නුවරඑළිය මහ නගර සභා ක්‍රීඩාංගනයේ දී  හිටපු ජනාධිපති  මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ .

සමාරම්භක උළෙල සඳහා මහින්ද රාජපක්ෂ මහතා , නාමල් රාජපක්ෂ මහතා , නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ  මහතා නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ හක්මන මහතා සහභාගි වී සිටියහ ,

තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රාජ්‍ය අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ .

රාජ්‍ය අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර තරඟ දෙකක් පැවැත්වූ අතර තරඟ දෙකේම ජයග්‍රහණයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම දිනා ගැනීමට සමත් විය .