පොහොට්ටුවෙන් නිවේදනයක්


දේශපාලන ලෝකය තුළ බලය ලබා ගැනීමට ප්‍රයත්නය දැරුවත් බලය සහ තනතුරු අතහැරීම සිදුවන්නේ ඉතාම කලාතුරකිනි. එම අසීරු තීරණය ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධූරයෙන් ඉල්ලා අස් වූ බව කතානායකවරයා  ප්‍රකාශ කිරීමෙන් අනතුව ශ්‍රීලංකා පොදුජන පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා ඇත.

එදා මෙදා තුර මෙරට ඉතිහාසයේ බලය අතහැර තනතුරෙන් නික්ම ගොස් නැත. එය දුෂ්කර තිරණයකි.

තිස්වසරක බිහිසුණු ත්‍රස්තවාදය අවසන් කර මව්බිමට සාමය දිනාදීම සඳහා තීරණාත්මක කාර්ය බාරයක් ඉටුකළ විශිෂ්ඨත්වයට පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්ව මාස තුනක් ගත වන්නටත් පෙර කෝවිඩ් වසංගතයෙන් රට වැසියන්ගේ ජීවිත බේරා ගැනීමේ සංකීරණ අභියෝගයට මුහුණ දීමට සිදු විය.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා කෝවිඩ් වසංගතය විධිමත්ව කලමනාකරණය කිරීමට සමත් වූ බව ජාත්‍යාන්තරය පවා පිළිගෙන තිබූ බව ද එම නිවේදනයේ සඳහන් වෙයි

එම නිවේදනයේ මෙසේ ද සඳහන් වෙයි.