
(සිතුම් චතුරංග)
වවුනියාව ,සාලම්බකුලම් හි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා සමගි ජන බලවේගයේ ආධාරකරුවන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පුද්ගලයින් පස්දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පූවරසකුලම් පොලිසිය කියයි.
සාලම්බකුලම් හි හිටපු නියෝජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ජන හමුවකට විරෝධය පලකරමින් පැමිණි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ආධාරකරුවන් පිරිසක් ජන හමුවට විරෝධය පලකර මෙම පහරදීම සිදුකර ඇති බව පොලිසිය පවසයි.
පහරදීමෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් පස්දෙනකු තුවාල ලබා වවුනියාව රෝහල වෙත ඇතුළත් කළ බව පොලිසිය සඳහන් කරයි.
හිටපු අමාත්‍යවරයාගේ පිරිස පහරදීම හේතුවෙන් නියෝජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහතාට අයත් වෑන් රථයකට ද අලාභ හානි සිදුව ඇති බව පොලිසිය පවසයි.
පොලිසිය පැවසූයේ ගැටුමත් සමඟ කළහකාරී ලෙස හැසිරෙන දෙපාර්ශවයේ ආධාරකරුවන් විසිරුවා හැරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය හා වවුනියාව පොලිසියේ හා පූවර්සන්කුලම පොලිසියේ නිලධාරීන් විශාල පිරිසක් යෙදවීමට සිදූවූ බවයි.
තත්වය පාලනය කිරීමෙන් පසුව සාලම්බකුලම් ගම්මානය වෙත විශේෂ පොලිස් ආරක්ෂාවක් ද යොදවා ඇති බවද කීය. තුවාල ලැබූවන්ගේ තත්වය එතරම් බරපතල නොවන බවත් ඔවුන් වවුනියාව රෝහලේ හදිසි අනතුරු අංශයේ තවදුරටත් ප්‍රතිකාර ලබන බවත් පොලිසිය පවසයි.
පහරදීම හා කඩාකප්පල්කාරී ක්‍රියාවන් සිදුකිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බව පොලිසිය පවසයි.
සිද්ධියට අදාළ සැකකරුවන් සොයා වවුනියාව පූවරසකුලම් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

