(ක.ග.කරුණාරත්න)
පොලොන්නරුව, ලක්‍ෂ උයන ශ‍්‍රී වේලූවන විවේකාරාම විහාරස්තානයේ වැඩ වසන හිමිනමකට කිසියම් පුද්ගලයකු පහරදිමෙන් තුවා ලබා පොලොන්නරුව රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
උන් වහන්සේ වැඩසිටි ආවාස ගෙට ජනේලයකින් මෙදින අලූයම 1.15ට පමණ ඇතුළු වූ සැකකාර පුද්ගලයා යකඩ පොල්ලකින් පහර පැන ගොස් ඇතැයි ද පොලිසිය කියයි.
එම ප‍්‍රහාරය එල්ලවීමෙන් තුවා ලැබූ හිමියන් ප‍්‍රතිකාර සඳහා පොලොන්නරුව මහ රෝහලට ඇතුලත් කර ඇත මෙම පහරදීම සිදුකල බව කියන පුද්ගලයා පොලොන්නරුව, ලක්‍ෂඋයන ප‍්‍රදේශයේ පදිංචිකරුවකු බවට මේ වනවිට තොරතුරු අනාවරණයවී ඇති බවත් සැකකරු අත් අඩංගුවට ගැනීමට යාමේදී ඔහු පොලීසිය මඟහැර සැඟව ඇතැයි ද විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීහු පැවැසූහ.

