පොලොන්නරුවට මහ වැසි සෝමාවතියත් යටවේ


ඡායා ක.ග කරුණාරත්න

 

(ක.ග..කරුණාරත්න සහ රොමේෂ් මධුෂංක)

අධික වර්ෂාවත හේතුවෙන් ඓතිහාසික සෝමාවතිය රාජමහා විහාරස්ථාන පුද බිම සහ ඊට පිවිසෙන මාර්ග ජලයෙන් යටවී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. 

මේ හේතුවෙන් වන්දනාකරුවන්ගේ පැමිණීම තාවකාලිකව නවතා දමා ඇතැයි ද එම මධ්‍යස්ථානය කියයි. 

අධික වර්ෂාව හේතුවෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ඇතිවී තිබෙන ගංවතුර තත්වය තවමත් පහව ගොස් නැතැයි  පොලොන්නරුව දිස්ත්‍රික් ආපදා කලමනාකරණ ඒකකය කියයි.
සෝමාවතිය පුදබිමේ වැඩවසන මහා සඟරුවන විසින් පිලියෙල ගන්නා බුද්ධ පූජාව ඔරු පාරු ආදිය යොදාගෙන රැගෙන ගොස් සෑරදුන් වෙත පූජාකරන බව  විහාරවාසී හිමිවරු පැවැසූහ.


ඡායා රොමේෂ් මධුෂංක