පොලු පහර ගොපල්ලාට මරණය ගෙනෙයි


(කේෂර ගුණතිලක)  

කුඩාඔය කඩවරවැව ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිගයෑමෙන් පොල්ලකින් පහරදී තරුණයෙකු ඝාතනයකර ඇතැයි කුඩාඔය පොලීසිය පවසයි.

මෙලෙස ඝාතනයකර ඇත්තේ වීරවිල පන්නේගමුව පදිංචි දැඩිමුනිගේ සමන් කුමාර (28) යන අයයි.

මියගිය තරුණයා මීගවයින් බලාගනිමින් කඩවරවැව ප්‍රදේශයේ වාඩියක පදිංචිව සිටියදී මීට කළින් ගවයින් බලාගත් ඔහුගේ හාම්පුතෙකු තවත් දෙදෙනෙකු සමඟ වාඩියට පැමිණ බහින්බස්වීමක් සිදුව තිබේ.  අනතුරුව මෙම පහරදීම සිදුව ඇතැයි පොලීසිය කියයි.