
( ඉන්දිකා රාමනායක)
පැමිණිල්ලක් විභාගයකට ගිය තෙල්දෙණිය පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනෙකුට පිහියකින් පහර දී සහ අතක් සපා කා තුවාල කිරීම සම්බන්ධයෙන් විශ්‍රාමික යුද හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව ලුණුගම්වෙහෙර පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ලුණුගම්වෙහෙර උඩමත්තල පදිංචි 50 හැවිරිදි විශ්‍රාමික හමුදා සෙබළෙකි.
සැකකරු එල්ල කළ පිහි පහරින් සහ අත සපා කෑමකින් තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා ලුණුගම්වෙහෙර රෝහලට ඇතුළත් කර ඇති බව ද පොලිසිය කියයි.
ලුණුගම්වෙහෙර ප්රපදේශය පුද්ගලයෙකුට බැන තර්ජනය කරමින් පහර දීමට කරන 118 හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරකට අනුව ලුණුගම්වෙහෙර පොලිසියේ සිව් දෙනකුගෙන් සමන්විත පොලිස් කණ්ඩායමක් සිද්ධිය වු ස්ථානයට ගොස් පැමිණිලිකරුගෙන් ප්‍රකාශ සටහන් කරගත් බව පොලිසිය පවසයි.
අනතුරුව සිද්ධියේ වගඋත්තරකරුවන්ගේ නිවෙසට ගිය අවස්ථාවේ සැකකරු පොලිස් නිලධාරින් සමග බහින්බස් වී නිවසට දිවගොස් පිහියක් රැගෙන නිලධාරීන්ට පහර දීමට උත්සාහ කිරීමේදී ඒ වැළැක්වීමට ගිය පොලිස් කොස්තාපල්වරයෙකු ගේ අත කැපී තුවාල ඇති අතරල ගැටුම මැඩපැවැත්වීමට ඉදිරිපත්වූ තවත් කොස්තාපල්වරයෙකු ගේ අත සැකකරු විසින් සපා කෑමෙන් එම කොස්තාපල්වරයා ද තුවාල ලබා ඇත.

