(නිමල කොඩිතුවක්කු)
පොලිස් කොස්තාපල්ගේ සිට පොලිස් පරීක්ෂක දක්වා නිලධාරීන් 5824 ක් සඳහා 2019 ජනවාරි පළමුවෙනිදා සිට බලපැවැත්වෙන පරිදී උසස් වීම් ලබාදීමට කටයුතු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය.
ඒ අනුව පොලිස් කොස්තාපල්වරුන් 4544 පොලිස් සැරයන් ධූරයටත් කාන්තා පොලිස් කොස්තාපල්වරියන් 30ක් කාන්තා පොලිස් සැරයන් ධුරයටත්, පොලිස් සැරයන්වරුන් 169ක් උප පොලිස් පරීක්ෂක තනතුරටත්, කාන්තා පොලිස් සැරයන්වරුන් 15ක් කාන්තා උප පොලිස් පරීක්ෂක තනතුරටත්, උප පොලිස් පරීක්ෂකවරුන් 878ක් පොලිස් පරීකෂක ධූරයටත්, කාන්තා උප පොලිස් පරීක්ෂකවරියන් 147ක් පොසිල් පරීක්ෂක ධූරයටත්, පොලිස් පරීක්ෂකවරුන් 41ක් ප‍්‍රධන පොලිස් පරීක්ෂක ධූරයටත් උසස් කර ඇතැයිද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවැසීය.
පොලිස් කොස්තාපල්ගේ සිට පොලිස් පරීක්ෂක දක්වා නිලධාරීන් 31500 කට අධික පිරිසකට 2019.01.01, 2020.01.01 සහ 2021.01.01 කාණ්ඩ තුනක් යටතේ ජ්‍යෙෂ්ඨත්වය සැලකිල්ලට ගෙන උසස්වීම් ලබාදීමට යෝජනා වී ඇති බවත් පැවසූ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා එහි පළමු අදියර ලෙස මෙම උසස් විම් ලබාදෙන බවත් පැවැසීය.
ජාතික පොලිස් කොමිසන් සභාව වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසන් සභාවේ අනුමැතිය සහ මුදල් අමාත්‍යාංශයේ කළමණාකරන සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය මේ සඳහා හිමිවි ඇති බවත් ඔහු සඳහන් කරයි.
දීර්ඝ කාලයක් තිස්සේ උසස්වීම් නොලබා සිටින නිලධාරීන්ට උසස්වීම් ලබාදීමේ ක‍්‍රමවේදයක් සකස් කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබාදුන් උපදෙස් මත මෙම කටයුතු සිදුකෙරුණු බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවැසීය.

