පොලිසියට පාට් දමා වෛද්‍යවරයාට, වෛද්‍ය සිසුන්ට පනින්න බැරිවේ


(ඩී.ජී.සුගතපාල)

උණවටුන වැල්ල දේවාල උත්සව භුමියේදී වෙළඳසලක සේවකයකුට පහරදි සංචාරක පොලිසියේ නිලධාරින්ට සාපරාධි බලහත්කාරය පැම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද වෙද්‍යවරයකු සහ වෛද්‍ය පිඨයේ සිසුවකු ද සිසුවියන් තිදෙනකුද එක් අයකු රුපියල් ලක්ෂය බැගින්වු ශරිර ඇපයක් මත මුදා හැරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා  නියෝග කළේය.

මෙම වෛද්‍යවරයා සහ ඔහුගේ පෙම්වතියද තවත් යහළුවකු සහ යෙහෙළියන් දෙදෙනකුද ඇතුලු පස්දෙනා වැල්ල දේවාල උත්සවයට පැමිණ මත්පැන් පානය කර ඇති අතර පසුව ඉතිරිවු මත්පැන් පානය කිරිම සඳහා කඩයකට ගොස් විදුරු ඉල්ලා ඇති අතර එම අවස්ථාවේ වෙළද සල වසා ඇති බව එහි සෙවකයකු පැවසිම නිසා එම සේවකයාට පහරදිමක් කර ඇත.

පසුව මේ සම්බන්ධයෙන් සංචාරක පොලිසියට පැමිණිලි කරන ලද අවස්ථාවේ එහි සැරයන්වරුන් දෙදෙනකුටද සාපරාධි බලහත්කාරය පා යමින් සිටියදි යද්දෙහිමුල්ල හන්දියෙදි ඔවුන් අත් අඩංගුවට ගෙන ඇත.