පොලිසියට පහර දීමෙන් බලපිටිය උණුසුම් වෙයි:අහසටත් වෙඩි


(සුජිත් හේවාජුලිගේ )

බීමත් කණ්ඩායමක් අහුන්ගල්ල පොලිසියේ පොලිස් නිලධාරීන් පිරිසකට බලපිටිය නගරයේදී ඊයේ(29) රාත්‍රි පහරදීමෙන් එහි දැඩි නොසන්සුන් තත්වයක් ඇතිවූ අතර කලබලකාරී පිරිස විසුරුවා හැරීමට පොලීසිය අහසට වෙඩි තබා ඇතැයි වාර්තාවේ.

බීමත් පිරිසේ පහරදීමෙන් පොලිස් නිලධාරීහු දෙදෙනෙක් තුවාල ලබා සිටිති.

මින් එක් නිලධාරියකු බලපිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි අහුන්ගල්ල පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය .

ජංගම මුර සංචාරයේ යෙදුණු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් නගරයේ අශෝභන ලෙස හැසිරෙනු දුටු පිරිසක් පිරිසක් දැක අවවාද කර ඇති අවස්ථාවේදී ඔවුන් පොලිස් නිලධාරීන්ට අසභ්‍ය ලෙස බැන වැදී මෙලෙස පහරදී ඇතැයි පොලිස් ආරංචිමාර්ග වලින් පැවසේ.

කලබලකාරී පිරිස විසුරුවා හැරීමට පොලිසිය අහසට වෙඩි තබා ඇත්තේ මේ අවස්ථාවේදීය.

පොලිස් නිලධාරින්ට පහර දුන් සැකකරුවෝ දෙදෙනෙක් පොලිසිය විසින් පසුව අත්අඩංගුවට ගනු ලැබූහ.