(ජේ.කේ.එල්. චාමින්ද)
පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් බලපත්‍රයක් නොමැතිව වැලිපටවමින් සිටි වැලි ජාවාරම්කරුවකු වැලිපැටවු ට්‍රිපර් රථය සමග අත්අඩංගුවට ගත්බැව් උඩුගම පොලීසිය පවසයි.
සැකකරු විසින් උඩුගම කැටගොඩ ප්‍රදේශයේ පිහිටි සිය නිවස පිටුපස සිට වැලිපටවමින් සිටි ඇති බව පොලීසිය පවසයි.
පොලිස් නිලධාරින්ට සාපරාධිබලහත්කාරකම් පෑම, බලපත්‍රයක් නොමැතිව වැලිපැටවිම යන චෝදනවා යටතේ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
මොහු සන්තකයේ තිබි ව්‍යාජ රියදුරු බලපත්‍රයක්ද සොයාගත් බැව් පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු උඩුගම කැටගොඩ පදිංචි 43 හැවිරිදිවියේ පසුවන තිදරුපියෙකි.
සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.