
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහිකවීරරත්න )
පොලිස් දෙපාර්තමේන්තුව දේශපාලනයෙන් මුදවාගෙන ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
පොලිස් දෙපාර්තමේන්තුවට සින්ගල් කැබ් රථ දෙසීයක් ඉන්දියා ආධාර යටතේ ලැබෙමින් පවතින බව අමාත්‍යවරයා යතුරුපැදි හත්සිය පනහක් පොලිස් ත්‍යාග අරමුදලින් මුදලින් ගැනීමට කටයුතු කරගෙන යන බවද සඳහන් කළේය.
රජය පොලිස් කොමිසමට කිසිදුබලපෑමක් නොකරන බවත් පොලිස් ස්ථානාධිපතිවරුන් පත්කිරීම් කරන්නේ කාර්ය සාධනය මත බවත් ඔහු සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.
පොලිස් දෙපාර්තමේන්තුවට සින්ගල් කැබ් රථ දෙසීයක් ඉන්දියා ආධාර යටතේ ලැබෙමින් පවතින බව අමාත්‍යවරයා යතුරුපැදි හත්සිය පනහක් පොලිස් ත්‍යාග අරමුදලින් මුදලින් ගැනීමට කටයුතු කරගෙන යන බවද සඳහන් කළේය.

