
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ගාල්ල බද්දේගම ප්‍රෙද්ශයෙන් පැහැර ගත් සුඛෝපභෝගී ජීප් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ රැගෙන යමින් සිටියදී පොලිස් නිලධාරීන් නැවතීමට කළ සංඥාවත් සමගම කිලෝමීටර් 9.2 වීදියගොඩ ප්‍රෙද්ශයේ දී ජීප් රථය අත්හැර දමා එහි සිටි සැකකරුවන් සිව්දෙනෙකු පලාගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි
ජීප් රථය සොයාගන්නා විට ඒත් නිත්යය ලියාපදිංචි අංකය වෙනස් කර තිබූ අතර ඉදිරිපස බොනට්ටුව මත වාහනය දුටු පමණින් එකවර හඳුනාගත නොහැකි ලෙස ස්ටිකරයක් අලවා තිබූ බව පොලීසිය සඳහන් කරයි
බද්දේගම ප්‍රෙද්ශයේ පුද්ගලයකු ඔහුට අයත් සුඛෝපභෝගී ජීප් රථය විකිණීමට සූදානම් කර ඇති අතර එය මිලදී ගන්නා මුවාවෙන් ගොස් ඔහුට පහර දී ජිප් රථයෙන් බිමට ඇද දමා එය පැහැර ගෙන තිබූ බව පොලීසිය සඳහන් කරයි
අධිවේගී රථවාහන කොට්ඨාසය අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මයුර පෙරේරා
සහකාර පොලිස් අධිකාරී වසන්ත කෝරළගේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුරුද්ධ චන්ද්‍රෙස්කර මහත්වරුන්ගේ උපදෙස් මත ගැලනිගම රථ වාහන රථවාහන පොලිසියේ ස්ථානාධිපති ප්රරධාන පොලිස් පරීක්ෂක අශෝක කරුණාරත්න පොලිස් පරීක්ෂක චන්දන සමන් , පොලිස් සැරයන්වරුන් වන60729 වීරතුන්ග ,කොස්තාපල්වරුන් වන 83664 සුදර්ශන ,3273 කරුණාරත්න මහත්වරු පරීක්ෂණ පවත්වති

