(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට දෙවැනි වතාවටත් සේවා දිගුවක් ලබාදෙනු ඇතැයි රජයේ ආරංචිමාර්ගවලින් පැවසේ.
ඔහුගේ සේවා කාලය අදින් (26) අවසන්වීමට නියමිතය.
නව පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට නාම යෝජනාවක් තවමත් ඉදිරිපත්වී නොමැත.
එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව අද හෙටම රැස්වීමටද තීරණයක් ගෙන නැති තත්වය යටතේ අලුත් පොලිස්පතිවරයකු පත් කිරීම කඩිනමින් නොකෙරෙනු ඇත.
මේ සම්බන්ධයෙන් අප මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසූවේ නව පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පැමිණි පසු සාකච්ඡා කරන බවයි.
පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා පසුගිය මාර්තු මස 26 වැනිදා විශ්‍රාම යෑමට නියමිතව සිටියත් රජය ඔහුට මාස තුනක සේවා දිගුවක් ලබා දුන්නේය.

