(රංජන් කස්තුරි)
පොලිස්පතිවරයා ඉවත් කිරීම හෝ ඔහුට එරෙහිව විනයානුකූල පියවර ගැනීමට හෝ පොලිස් කොමිසන් සභාවට බලයක් නැතැයි එම කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා ලංකාදීපයට පැවැසීය.
පොලිස්පතිවරයා සම්බන්ධයෙන් එවැනි තීරණයක් ගැනීම පොලිස් කොමිසමේ විෂය පථයට අයත් නොවන බවද ඔහු කීවේය.
මේ පිළිබඳව ලංකාදීපයට කළ තවත් විමසුමකදී නීති විශාරදයෙකු සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පොලිස්පතිවරයා පත් කිරීමේ බලධරයා ජනාධිපතිවරයා වන බවය.
ඒ අනුව පත් කිරීම් බලධාරියාට පොලිස්පතිවරයා අනිවාර්ය නිවාඩු යැවීමට ඔහුට එරෙහිව විනයානූකූල පියවර ගැනීමට සහ වැඩ බලන පොලිස්පතිවරයෙකු පත් කිරීමේ හැකියාව පවතින බවද හෙතෙම කීය.

