පොලිස්පතිවරයා ඉවත් කිරීමේ විශාල වුවමනාවක් ජනාධිපතිවරයාට තිබුණත් ඊට එක්සත් ජාතික පක්ෂයේ සහයෝගය නොලැබුණු බව නිමල් සිරිපාල ද සිල්වා මහතා කියයි.
ඔහු මේ බව පැවසුවේ ඩාලි පාරේ ශ්‍රීලනිප මූලස්ථානයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදීය.
“ජනාධිපතිවරවා ඝාතන කුමන්ත්‍රණයක් ගැන වාර්තා වුණාා. මේ ගැන ජනාධිපතිට තොරතුරු රැසක් ලැබුණා. ඒවා මේ වෙලාවේ හෙලි කරන්න බෑ. මේ ගැන මොනවත් නොවෙද්දි ජනාධිපතිවරයාට බියක් හා කණස්සල්ලක් දැනෙන්න ඇති. “ යැයි ද නිමල් සිරිපාල මහතා පැවසීය.
“තිබූ යහපාල ආණ්ඩුවට වඩා යහපාලන ආණ්ඩුවක් ඇති කිරීමටයි අපිට අවශ්‍ය.” යැයි ද ඔහු කීවේය.
පොලිස්පති ඉවත් කරන්න ජනපතිට ඕනෑ වුනත් සහයෝගයක් ලැබුණේ නෑ
Recommended Articles