(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
පොලිස් විශේෂ කාර්යාංශයේ කාර්යාල කාර්ය සහායකයෙකු හොරෙයින් මත් කුඩු සමඟ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී අද (18) අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි .
සැකකරු සතුව මත් කුඩු මිලිග්‍රෑම් 480 ක් පොලිසිය භාරයට ගෙන ඇත . මාතලේ ,මාදිපොල පදිංචි අයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

