(බිමල් ශ්‍යාමන් ජයසිංහ සුමිත් පොතුපිටිය)
පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුගේ ෙ පානදුර උතුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ වසා තිබූ දෙමහල් නිවස කඩා දේපල සොරාගෙන ගොස් ඇතැයි පානදුර උතුර පොලිසිය කියයි.
රුපියල් ලක්ෂ 5කට අධික වටිනා පිත්තල භාණ්ඩ සහ විදුලි උපකරණ ගෑස් ලිප් උදුන් එම නිවසින් සොරාගෙන ගොස් ඇත.
නිවසේ පිටුපස දොර කඩා ඇතුළු වී මෙම සොරකම සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
නිවසට ආරක්ෂිත කැමරා සවිකර ඇතත් ඩි වි ආර් ගබඩා පද්ධතිය මාස කීපයක සිට අක්‍රිය තත්ත්වයේ පැවති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පානදුර අපරාධ පරීක්ෂණාගාරයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුවන් කුමාර උප පොලිස් පරීක්ෂක අභයකෝන් මහත්වරුන් සහ ඇඟිලි සටහන් නිලධාරීන් පැමිණ පරීක්ෂණ පැවැත්වූහ.

