පොලිස් රෝහලේ ලක්ෂ 20ක සොරකමක්


(ඉන්දිකා  රාමනායක)

නාහෙන්පිට පොලිස් රෝහලේ ශල්‍ය වෛද්‍ය  ජ්‍යෙෂ්ඨ  පොලිස් අධිකාරිවරියකට අයත් රුපියල් ලක්ෂ 20ක මුදල් හා රන් බඩු සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එහි සිපාරක්ෂක සේවිකාවක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

සැකකාරිය ඉහත ජ්‍යෙෂ්ඨ  පොලිස් අධිකාරි අධිකාරී වෛද්‍යවරියගේ  නිල කාමරයේ ලාච්චුවේ තිබී මෙම මුදල් සහ රන්භාණ්ඩ සොරාගෙන ගොස් ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වා එහි සනිපාරක්ෂක  සේවයේ නිරත 60 හැවිරිදි කතාවක් අත්අඩංගුවට ගෙන ඇත.