(නිමන්ති රණසිංහ , චමිල් රූපසිංහ සහ ජේ. ඒ. එල්. ජයසිංහ)
රථවාහන රාජකාරියේ යෙදී සිටි උප පොලිස් පරීක්ෂකවරයකුට පහරදී රාජකාරියට බාධා කළැයි කියන සිද්ධියකට අදාළව කඩුගන්නාව පොලිසිය අත්අඩංගුවට ගත් යටිනුවර ප්‍රාදේශීය සභාවේ මන්තී‍්‍ර තුසිත වලගෙදර මහතා ලබන 24 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර වැඩබලන මහේස්ත්‍රාත් මහින්ද ලියනගේ මහතා අද (15) නියෝග කළේය.
තමාට පොලිස් නිලධාරියා ද පහර දුන් බව පවසමින් සැකකාර මන්තී‍්‍රවරයා පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී සැකකරු නිරීක්ෂණයට ගිය වැඩබලන මහේස්ත්‍රාත්වරයා සැකකරු එලෙස රක්ෂිත භාරයේ තැබීමට නියෝග කළේය.
ඒ අනුව, මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ යටිනුවර ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්තී‍්‍රවරයකු වූ කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචි අයෙකි.

