(ඩී.ජී.සුගතපාල)
තිහගොඩ පොලිසියට අයත් ජිප් රථයේ හැපුන පුද්ගලයකු මාතර රෝහලට ඇතුලත් කිරිමෙන් පසු අද (04) රාත්‍රි මියගොස් ඇතැයි මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය පවසයි.
මියගොස් ඇත්තේ තිහගොඩ පලොල්පිටිය පදිංචි 75 හැවිරිදි පුද්ගලයෙකි.
ජිප් රථය සැකකරුවකු රැගෙන තිහගොඩ පොලිසියේ සිට අද සවස මාතර මහේස්ත්‍රාත්වරයා හමුවට එමින් සිටියදි තුඩාව පාලම අසලදි මෙම පුද්ගලයා ජිප් රථයේ හැපි ඇති අතර තුවාලකරු මාතර රෝහලට ඇතුලත් කර හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි මියගොස් ඇත.
ජීප් රථයේ පදවන ලද තිහගොඩ පොලිසියේ සැරයන්වරයා මාතර පොලිසිය අත් අඩංගුවට ගෙන ඇත.

