පොලිස් කොමිසමේ ලේකම් අපේක්ෂිත ඇප ඉල්ලයි


(නිමන්ති රණසිංහ)

         ඇවන්ගාඞ් සිද්ධියට අදාළව තමන් අත්අඩංගුවට ගැනීමට සූදානමක් ඇතැයි සඳහන් කරමින් පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප ඇයැදුම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා ලබන 15 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට දැනුම් දෙමින් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (08) නොතීසි නිකුත් කළේය.

‘ඉන්දි ඇවන්ට්ලාර්ඞ්’ නෞකාව මෙරට දක්ෂිණ මුහුදු තීරයේහි පාවෙන අවි ගබඩාවක් වශයෙන් පවත්වාගෙන ගිය බවත් එම නෞකාවේ තිබී විවිධ වර්ගවල ස්වයංකී‍්‍රය ගිනි අවි 813ක් සහ ජීව උණ්ඩ 2,00,945 ක් සොයාගෙන තිබීමේ සිද්ධියට අදාළව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විභාග වන සිද්ධියකට අදාළව තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බැවින් තමන් අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා ජාතික පොලිස් කොමිසමේ ලේකම් සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටප ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් දිසානායක මුදියන්සේලාගේ සමන් දිසානායක මහතා සිය නිතීඥයින් මගින් මෙම අපේක්ෂිත ඇපය ඉල්ලා ඇත.