
(රංජිත් කරුණාවීර)
මහියංගණ පොලිස්ථානයේ සේවයේ නියුතුව සිටි උප පොලිස් පරික්ෂකවරයෙක් අද දින උදැසන 8.45ට පමණ, පොලිස්ථානයේ විවේක කාමරයක් තුළදී වෙඩි වැදී මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 57ක් පමණ වන විවාහක දෙදරු නිළධාරියකු වන අතර, අත්තනායක මුදියන්සේලාගේ උපසේන අත්තනායක නම් නිළධාරියෙකු එලෙස වෙඩි තබාගෙන මියගොස් ඇත. ඔහු රංදෙණිගල පාර, මොයාය, මිණිපේ යන ලිපිනයේ පදිංචි අයෙකි.
ඔහු වෙඩි තබාගත්තේ දැයි පරික්ෂණ සිදු කරයි.

