(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පොල්දූව මංසන්ධියේදී විරෝධතාවය අතරතුර දී හමුදා සෙබළකුට පහරදී පැහැරගත් ටී 56 ගිනි අවියක් සහ පතොරොම් ගැබක් සමනල පාලම අසල දියවන්නා ජලාශයේ තිබී නාවික හමුදා කිමිදුන්කරුවන් සොයා ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
සමනල පාලම අසල දියවන්නා ජලාශයේ පාර්ලිමේන්තුව දෙසට වන්නට මෙම ගිනි යැවිය තිබී ඇතැයි මාධ්‍ය ප්‍රකාශක වරයා කීය.
ඉකුත් 13 වැනි දින මෙම ගිනි අවිය පැහැරගෙන තිබිණි.