(ගයාන් සූරිය ආරච්චි සහ එච් චන්දන)
මුන්දලම බත්තුලුඔය ප්‍රදේශයේ පොල්තෙල් නිෂ්පාදන ආයතනයක සිටි ආරක්ෂක සේවකයකු ඝාතනය කර සේප්පුවේ තිබූ ලක්ෂ දාහතරක මුදලක් කොල්ලකා පලා ගිය බව කියන එම ආයතනයේ සේවකයෙකු ඊයේ (11) අත්අඩංගුවට ගත් මුන්දලම පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 37 ක් වන බත්තුළුඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .
පොල්තෙල් නිෂ්පාදන ආයතනයක් තුල පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවට මුන්දලම පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබුණි.
මියගිය පුද්ගලයා පොල්තෙල් නිෂ්පාදන ආයතනයේ ආරක්ෂක නිලධාරියකුවන අතර ඉකුත් 10 දා රාත්‍රී රාජකාරි නිරතව සිට ඇති අතර පසුදින උදෑසන ආයතනයේ සේවකයින් පැමිණීමේදී මොහු හිසෙහි තුවාල සහිතව මියගොස් සිට ඇති බවත් එම ආයතනයේ සේප්පුවක තිබු රුපියල් ලක්ෂ 14 කට ආසන්න මුදලක් කොල්ලකා ඇති බවත්, එහි හිමිකරු විසින් මුන්දලම පොලිස් ස්ථානයට පැමිණිලි කර ඇත.
මෙසේ ඝාතනය කර ඇත්තේ වයස අවුරුදු 45 ක් වන විජයකටුපොත, හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
එම සැකකරු සන්තකයේ තිබී සේප්පුව කඩා කොල්ලකන ලදැයි සැකකරන රුපියල් එක් ලක්ෂ හතලිස් එක්දහසක මුදලක් ද පොලිසිය විසින් සොයා ගෙන ඇත.