
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ වාර්ෂික පොල් අස්වැන්න ඉදිරි වසර දෙක තුළ පොල් ගොඩි මිලියන 4,200 ක් හෙවත් ගොඩි කෝටි 420 ක් දක්වා ඉහළට ගෙන ඒමට කටයුතු කරමින් සිටින බව පොල් වගාකිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා පැවසීය.
දකුණු පළාතේ ව්‍යාප්ත වෙමින් ඇති ‘කොළ මැලවීමේ රෝගය’ සහ එම රෝගය හේතුවෙන් පොල් අස්වැන්නට වී ඇති බලපෑම පිළිබඳව පැහැදිළි කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී සුනිමල් ජයකොඩි මහතා මහතා එසේ පැවසීය.
මෙරට වාර්ෂික පොල් අස්වැන්න 2024 වන විටත් පොඩි මිලියන 3,000 ඊට වඩා වැඩි ඉලක්කයක් වන ගෙඩි මිලියන 4200 ක අස්වැන්නක ඉලක්කයක් ඇති බවත් එවැනි ඉලක්කයකට යෑමේදී සම්ප්‍රදායක ක්‍රියාලියෙන් ඔබ්බට ගිය වෙනත් ප්‍රවේශයකට අවතීර්ණණ වියයුතු බවත් ඒ මහතා කීය.

