පොල් කඩන්නාට වැවේ ගිල්වා පහර දුන් 2ක් අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

පොලිසියට ඔත්තු දුන්නැයි සැකකර වීදාගම වැවේ ගිල්වමින් පොල් කඩන්නෙ කුට අමානුෂික ලෙස පහරදුන් බව කියන   සිව් දෙනාගේ කණ්ඩායමේ දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියයි.

එම ප්‍රහාරය මෙහෙවූ බව කියන ප්‍රධාන සැකකාරිය වන මත් පැන් ජාවාරම්කාරිය සුපුරුදු ලෙස වීදාගම වැව් ඉස්මත්තේ නීති විරෝධී මත්පැන් විකුණමින් තවමත් නිදැල්ලේ හැසිරෙන බව ප්‍රදේශවාසීන්  චෝදනා කරති.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා එම ජාවාරම් කාරියගේ සැමියා හා සහෝදරයා බවත් පොලිසිය සඳහන් කරයි

මෙලෙස පහර කා ඇත්තේ වයස අවුරුදු 41 ක පොල් කැඩීමේ හා කුලී රැකියාවේ නිරත කැලුම් බන්ඩාර නැමැති පුද්ගලයකි 

 පහර කෑ පුද්ගලයා ඉකුත් (24) සදුදා දින   කිසිදු රැකියාවක් සොයා ගැනීමට නොහැකි වීමෙන්  සුපුරුදු ලෙස වීදාගම වැව ඉස්මත්තේ ගල අසළ රැඳී සිටි බව එම පුද්ගලයා පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

එදින බණ්ඩාරගම පොලිසියේ නිලධාරීන් නීති විරෝධී මත්පැන් වැටලීම ක ට එම ස්ථානයට පැමිණ ඇති අතර පහර කෑ පුද්ගලයා ගෙන් එම ප්‍රසිද්ධියේ මත්පැන් විකුණන මත්පැන් ජාවාරම් කාරිය මත්පැන් සඟවා තිබෙන ස්ථානය සම්බන්ධයෙන්   විමසීමක් සිදු කර ඇත.

ඔහු එය නොදන්නා බවට පැවසීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් පිරිස එම ස්ථානය පරීක්ෂාකර  මත්පැන් පොලිස් භාරයට ගෙන ඒ ආසන්නයේ රැඳී සිටි ජාවාරම් කාරිය යටතේ සේවය කරන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබිනි.

මද වේලාවකදී පහර කෑ පුද්ගලයා එම ස්ථානයෙන් පිට වී නිවෙස කරා යමින් සිටියදී බණ්ඩාරගම වීදාගම ලෝක පිල විද්‍යාලය අසළදී මත්පැන් ජාවාරම් කාරිය සිය සැමියා සහෝදරයා හා  තවත් පුද්ගලයකු සමඟ එම පුද්ගලයා  අල්ලාගෙන සිව් දෙනාම විශාල පිරිසක් බලා සිටියදී අමානුෂික ලෙස එම පුද්ගලයා බිම වැටෙන තුරු පහර දී ඇත.

අනතුරුව වීදාගම වැව වෙත ඇදගෙන ගොස් වැවේ ගිල්වමින්  ගිනි සිරිය පොල්ලකින් පහර දී තිබූ බව පහර කෑ පුද්ගලයා කරන  ලද පැමිණිල්ලේ සඳහන් වේ.

එම පහර දීමෙන් එම පුද්ගලයාගේ නහයෙන් ලේ වැගිරෙන්නට වීමෙන් අනතුරුව මත්පැන් ජාවාරම් කාරිය ඔහුට තර්ජනය කරමින් ඒවා වැවේ ජලයෙන්  සෝදා ගන්නා ලෙසත් ගමෙන් පිටවී යන ලෙසත් තර්ජනය කල  බව එම පැමිණිල්ලේ වැඩිදුරටත්  සඳහන් වේ