(අජන්ත කුමාර අගලකඩ)
පොදුජන එක්සත් පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලෙස වෙනස් කිරීමට පොදුජන එක්සත් පෙරමුණ විධායක සභාව අද (30) රාත්‍රීයේ තීරණය කර ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මූලස්ථානයේ අද රාත්‍රී පැවැති පොදුජන එක්සත් පෙරමුණේ විධායක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.
ඒ අනුව පොදුජන එක්සත් පෙරමුණ මින් ඉදිරියට ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලෙස වෙනස් කිරීමටත් පක්ෂයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමටත් විධායක සභාවේ අනුමැතිය හිමිවී තිබේ.
ඉදිරි මහමැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ , ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ ගණනාවක් එක්ව සන්ධානයක් පිහිටුවීමට හැකිවන සේ මෙම සංශෝධන සිදුකර ඇත.
පොදුජන එක්සත් පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලෙස වෙනස් කළ බව මැතිවරණ කොමිසන් සභාව වෙත දැනුම් දීමටත් එහි ලකුණු පසුව වෙනස් කරන තෙක් පුටුව ලෙස තැබීමටත් විධායක සභාවේ අනුමැතිය හිමි ව ඇත.

