පේරේ සිසුවෙක් අතුරදන්


(ෂේන් සෙනෙවිරත්න)

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ හතර වැනි වසරේ ඉගෙනුම ලැබූ සිසුවකු අතුරුදන් වී ඇති බව එම විශ්ව විද්‍යාල පරිපාලනය කියයි.

වලපනේ තෙරිපැහැ ප්‍රදේශයේ පදිංචි අමිල විජේකෝන් (24) නැමැති එම සිසුවා එම විශ්ව විද්‍යාලයේ ඇතුලත්මුදලි නේවාසිකාගාරයේ සිට පෙරේදා (05) සවස ඥාති නිවසකට යන බව පවසා පිටව ගියත් ඔහු පිළිබඳව කිසිදු තොරතුරක් නොමැති බව විශ්වවිද්‍යාල ප්‍රකාශකයෙක් පැවසීය.

එම සිසුවා මානසික ආතතියෙන් පෙළුණ අයකු බවද පැවසේ.

සිසුවා ගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල නේවාසිකාගාර පරිපාලනය  පේරාදෙණිය පොලිසියට පැමිණිලි කොට ඇති අතර පොලීසිය සහ විශ්ව විද්‍යාල පරිපාලනය ඒකාබද්ධව සිසුවා පිළිබඳ විමර්ශන සිදු කරයි.