
වයෝවෘද්ධ මාපිය යුවළක් කිසියම් අයකු විසින් වැල්ලම්පිටිය හන්දියට ගෙනැවිත් දමා ගොස් ඇති අතර ඔවුන් ඉතා අසරණව තෙදිනක් තිස්සේ එහි කඩපිලක වැටී සිටිනු දක්නට ලැබේ.
තමන්ගේ කටයුතු පවා කරගත නොහැකි තරම් දුර්වල මෙම දෙමාපිය යුවල තමන් මෙහි හැරදමා ගිය දරුවන්ගේ නමක් කියා ඔවුන්ගේ ගරුත්වයට හානි කිරීමට හෝ අකමැති අතර තමන් පදිංචිව සිටියේ හොරණ ප්‍රදේශයේ බව පමණක් පවසයි.
ප්‍රදේශවාසීන් දෙන දෙයක් කෑමට ගෙන සිටින මෙම දෙමාපිය යුවල ඉතා අසරණව එම කඩපිලේ වැතිර සිටි අයුරු ඡායාරූපයේ දැක්වේ.
ඡායාරූපය -- ශාන්ත රත්නායක

